Breaking

Showing posts with label Educational. Show all posts
Showing posts with label Educational. Show all posts

Monday, August 12, 2019

August 12, 2019

A/Level Media Past Paper 2010 - 2018

Advanced Level Media 2010 Paper

https://drive.google.com/file/d/1e4OeMTH9zKPnWzmI9tkpVgBRQskpKUvz/view?usp=sharing

 Advanced Level Media 2011 Paper

https://drive.google.com/file/d/0B9H0COb2BLIYaEFoSFl2X0FlOWM/view?usp=sharing

  Advanced Level Media 2012 Paper

https://drive.google.com/file/d/0B9H0COb2BLIYcDFMaVRLam5yemM/view?usp=sharing

  Advanced Level Media 2013 Paper

https://drive.google.com/file/d/0B9H0COb2BLIYS2I2cmYyYUUzSVU/view?usp=sharing

  Advanced Level Media 2014 Paper

PAPER 01

PAPER 02 

https://drive.google.com/open?id=1-vrBm-Qaw7tcFnkrTf5g2fm9mhRd54xq

  Advanced Level Media 2017 Paper

 PAPER 01

https://drive.google.com/open?id=0B9H0COb2BLIYeC1XX2NxSkdkS0E

 PAPER 02

https://drive.google.com/open?id=0B9H0COb2BLIYdTV4ZHNreWRYWEU

 Advanced Level Media 2018 Paper

 PAPER 01

https://www.artsapi.lk/wp-content/uploads/2018/08/Media-2018-Advanced-level-paper-part-1.pdf

 PAPER 02

https://www.artsapi.lk/wp-content/uploads/2018/09/Media-2018-part-2.pdf

 

Sunday, August 11, 2019

August 11, 2019

ජනමාධ්‍ය වාරණය සහ බලපෑම

මෙය PDF ලෙස download කර ගැනීම සදහා පිටුවේ අවසානයේ ඇති ලිනක් එක භාවිත කරන්න.

ගොඩ දෙනෙක් ඉල්ලුවා වාරණය ගැන.comment එකක් දාලා යන්න මතක ඇතුව. google account එකකින් log වී නොමැතිනම් comment as: anonymous තෝරා ඔබේ අදහස ලියන්න.

ජනමාධ්‍ය වාරණය සහ බලපෑම

වාරණය යනු

හැඳින්වීම
වාරණය යන්නෙහි වචනාර්ථය ලෙස වැලකීම බාධක වළකන යන්නක් බැව් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. එනම් කිසියම් වූ දෙයක් අරඹයා සිදු කරනු ලබන පරීක්ෂාවක් වැනිය. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙස ද හඳුන්වනු ලැබේ. 
“ලිපි හෝ වාර ප්‍රකාශන නාට්‍ය සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ.”
                                                                                                    -ඔක්ස්ෆඞ් ශබ්ද කෝෂය-
මේ අනුව ප්‍රධාන වශයෙන් මාධ්‍ය සන්දේශයන් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන්නකි මෙම වාරණයේ දී සමාජයට ඉදිරිපත් වන සන්දේශයන්ගේ ගුණාත්මක බව සළකා බලා එය ග්‍රාහකයා අතරට යාම සුදුසු ද නැතිනම් නුසුදුසු ද යන්න තීරණය කිරීම මඟින් වාරණය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වීම සිදුවන බැව් පැහැදිලි වන කරුණකි
“පොදුවේ ගත් කළ වාරණය (Censorship) යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුඵ යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරීක්ෂා කර නොගැළපෙන දෑ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම මින් අදහස් කෙරේ. එහි වචනාර්ථය වැළකිම වැළැක්වීම තහනම මුවාව හෝ බාධක ලෙස ගත හැකි බව සරසවි ශබ්දකෝෂයේ දක්වා ඇත. වාරණය යනු පොදු යහපතට නුසුදුසුය පොදු යහපතට අහිතකරය යන පදනම මත කතා කිරීම හෝ ලිවීම තහනම් කිරීම හෝ යටපත් කිරිමයි.
ඒ අනුව වාරණය ක්‍රියාත්මක වන විට දී අවධානය යොමු වන තවත් අංශයක් වන්නේ ග්‍රාහකයා කෙරෙහි මාධ්‍ය සන්දේශයෙන් සිදුවන බලපෑම කෙසේ ද යන්න ය. එහි ස්වභාවය මත සන්දේශය වාරණය කළ යුතු ද නැති ද යන වග තීරණාත්මක වේ. 
ඇමරිකාවේ සහ කැනඩාවේ සිට ක්‍රියාත්මක වන (Project censored) ආයතනය මඟින් වාරණය යන්න අර්ථ ගන් වන්නේ මෙපරිදි ය. 
බලය යොදා හෝ නොමැතිව පක්ෂ භජනය අතහැර දැමීම කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය තොරතුරු සැඟවීම මඟින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්වීම වාරණය යි.
මේ අනුව පැහැදිලි වන තවත් කරුණක් වන්නේ වාරණය ග්‍රාහකයාගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරන්නක් ලෙස අදහස් වුවත් එහි යටිපෙළින් මාධ්‍ය සන්දේශයන් සිතා මතා ග්‍රාහකයා වෙතට සැපයෙන සත්‍යතාවන් වසන් කර ගැනීමේ පළිහක් ලෙසින් වාරණය ක්‍රියාත්මක කරන්න වුන් විසින් ක්‍රියාවට නංවන බවයි.  වාරණය එක් පැත්තකින් සමාජ යහපත උදෙසාත් අනෙක් පැත්තකින් වාරණය මාධ්‍ය මර්ධනය සඳහා ඉවහල් කර ගන්නා අවියක් ලෙසින් ද ක්‍රියාත්මක වන බැව් අවබෝධ කර ගත හැකි වේ. 

                  වාරණයේ අවස්ථා

  • පූර්ව වාරණය 
  • පසු වාරණය
  • නීතීමය  වාරණය
  • නීතීමය නොවන වාරණය
  • සෘජු වාරණය
  • වක්‍ර වාරණය
ඒ අනුව මාධ්‍ය සන්දේශයක් ග්‍රාහකයා වෙතට ප්‍රවේශ වීමට පෙර ත් ග්‍රාහකයා වෙතට ප්‍රවේශ වීමෙන් පසුව ත් නෛතිකමය රාමුවක සිට ත් නෛතිකමය රාමුවෙන් පිට නිතීවිරෝධී ලෙස ත් මෙන්ම සෘජුවම හැඳින ගත හැකි ආකාරයෙන් සේම මතුපිටෙන් හැඳින ගත නොහැකි වක්‍රාකාරයෙන් ද යනා දී වශයෙන් සයාකාරයක් වාරණයන් සමාජයෙහි ක්‍රියාත්මක වන ආකාරය හදුනා ගත හැකි ය.

වාරණ ඉතිහාසය

වාරණයේ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී විධිමත් ආකාරයෙන් වාරණයේ අවස්ථාවක් වශයෙන් ඉතාලියේ රෝමය නගරයේ දී ක්‍රිපූ 443 දී සමීක්ෂණ කාර්යාලයක් (Office of censor) නමින් පිහිටුවා තිබෙන්නේ එමඟින් කලා මාධ්‍යයන්ගේ සදාචාරාත්මක ප්‍රමිතීන් අධීක්ෂණය කිරිම අරමුණු කරගෙන ය. මෙම ආයතනය ඔස්සේ එකල රෝමයේ නිර්මාණය කරන ලද කලා මාධ්‍යයන් ජනතාව අතරට යාමට පෙර එම කලා මාධ්‍යයන්දෝෂ පරික්ෂාව (Censorship) හෙවත් වාරණය සිදු කර දෝෂ පවතින්නේ නම් එම නොගැළපෙන කොටස් ඉවත් කර කලා මාධ්‍යයන් අනුමත කිරීම මුලික වශයෙන් සිදු කර තිබේ.
මේ ආකාරයට කලා මාධයන්ගේ දෝෂ පරික්ෂාව රෝම රජවරුන්ගේ කාලයේ පටන් ආරම්භ විය වාරණය හෙවත් දෝෂ පරීක්ෂාවේ මුඛ්‍ය අරමුණු වූයේ සමාජයේ සුගතියට සදාචාරයට ජනතා විනයට අහිතකර දෑ හා ආගම් විරෝධී වු රාජ්‍ය විරෝධී වු ප්‍රකාශන මහජනතාව අතට පත් කිරිම වැළැක්වීමට ය. නමුත් රාජ්‍ය පාලකයන් මෙම සද් කාර්යභාරය හරහා තමන්ට හා තම පාලනයට අහිතකර වන ප්‍රකාශන පළ කිරීම වළක්වාලීමට ද මෙම වාරණය ඉතාමත් සියුම් ලෙස භාවිත කරති කෙසේ හෝ ක්‍රිව 300 වන විට චීනය ප්‍රථම අදහස් වාරණ නිතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී මෙලෙසින් රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම විවිධ අයුරින් විවිධ රටවල ක්‍රියාත්මක වී ඇත.
වාරණ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජෝන් මිල්ටන් නම් එංගලන්ත කවියෙක් සිය කෘතියක් වාරණය කිරීම නිසා එරට පාර්ලිමේන්තුවට කරන ලද ප්‍රකාශයක් එරියොපැජටිකා ^Areopagitica) ලෙසින් 1644 දී ප්‍රසිද්ධියට පත්ව ඇත එම වාරණයට එරෙහිව කරන ලද ප්‍රබල ප්‍රකාශයක් වශයෙන් ඉතිහාස ගතව ඇත.
කිසියම් කෘතියක් ජනතාව දකින්නටත් පෙර වාරණයට ලක් කිරීම මුලුමනින්ම අදහස එළියට දැමීමට නොදීමක් බවත්” පැරණි ග්‍රීක රෝම යුග වලදී පවා තිබුණේ ප්‍රථමයෙන්ම කෘතිය ඉදිරිපත් කරන්න ඉඩ දී අනතුරුව එහි හානි කර තත්වයක් තිබුණොත් වාරණය කිරීම හෝ දඬුවම් කිරීම ත් බවය ඔහුගේ මෙම ප්‍රකාශය බි්‍%තාන්‍ය පාර්ලිමේන්තුවේ ආකල්ප ඔස්සේ ලෝකයේ බොහෝ රටවල් වලට බලපෑම් කිරීමට සමත්ව ඇත විශේෂයෙන් ම 17-18 සියවස්වල ලෝකයේ ඇති වු සමාජ” ආර්ථික” දේශපාලන තත්වයන් හමුවේ වාරණය පිළිබඳ සම්මත අදහස ක්‍රමයෙන් වෙනස් වන්නට විය ඒ අනුව 1766 දී ස්වඩීනය ප්‍රථම වරට වාරණය සිය රටෙන් ඉවත් කළ අතර ඉන් අනතුරුව ඩෙන්මාකය” නොර්වේ ආදී රටවල් ඔස්සේ යුරෝපය පුරා ව්‍යාප්ත විය.
බොහෝ රටවල් වාරණය පිළිබඳ ගැට`ඵකාරී තත්වයන් උද්ගත වු අවස්ථාවන්හි දී ඒවා සඳහා විසඳුම් ලබා ගන් ලබන්නේ උසාවිය ඔස්සේ ය එනම් කිසියම් කෘතියක් හානිකර බවට කෙනෙකු විසින් පැමිණිලි කර නඩු විභාගයකින් තහවුරු කළ යුතු විය අදහස් ජනතාවට දැමීමට පෙර වාරණය නොකෙරේ එනම් කියන්නට පෙර කිව යුතු හෝ නොකිව යුතු දේ තීරණය නොකෙරේ.
සන්නිවේදන පර්යේෂකයකු වන රේමන්ඞ් විලියම්සa ^Raymond Williums) සිය සන්නිවේදනය ග්‍රන්ථයේ දී පෙන්වා දුන්නේ” 
මුද්‍රණය පුවත්පත් ව්‍යාප්තිය වෙත යෑමත් සමඟ වාරණයේ අඩිතාලම ප්‍රබල විය.
කෙසේ වෙතත් මුල් කාලීන පුවත්පතේ පටන් විද්‍යුත් මාධ්‍ය බිහි වු 19 වන 20 සියවස් තුළත් ඉන් පසුවත් විවිධ නිතී” රෙගුලාසි” ආචාරධර්ම ජනමාධ්‍ය කෙරෙහි ස්ථාපනය වන්නට විය විශේෂයෙන් ම අධිපතිවා දී සන්නිවේදන සංකල්ප මත පිහිටා බොහෝ රටවල ජනමාධ්‍ය පාලනය සිදු වුයේ රජය විසින්ම ය ඒ අනුව දේශපාලන වාරණය” ආගමික වාරණය” හමුදා වාරණය” සංස්ථාපිත වාරණය ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් වාරණය ජනමාධ්‍ය තුළ ක්‍රියාත්මක වේ.
මෙපරිදි ලෝකයේ වරින්වර සිදු වු වාරණයන් පහතින් දැක්වේ
ග්‍රීක යුගය - ඇරිස්ටොෆොනීස්ගේ නාට්‍ය (ලයිසිස්ට්‍රාටා නාට්‍ය
හිට්ලර් - බ්‍රර්ටල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සියල්ල තහනම් කිරීම
ඇමරිකාවෙහි බොස්ටන් 1881 - වෝල්ට් වයිට්ගේ ලීව්ස් ඔෆ් ග්‍රාස් ^leaves of grass) පෙරළිකාර කවි පෙළ
යුරෝපා රටවල් 1920-1930 ජැක් ලන්ඩන්ගේ කෝල් ඔෆ් ද වයිල්ඞ් ^The call of the wild) කෘතිය
1967 දී - යුලීසීස් චිත්‍රපටය සහ ජේම්ස් ජොයිසිගේ නවකතාව
1960 දී එංගලන්තය - ලෝරන්ස්ගේ ලේඩි චැටර්ලීස් ලවර් නවකතාව
1863 ප්‍රංශයේ සැලෝනයේ දී  - එඩුවාඞ් මොනේගේ ඔලිම්පියා” චිත්‍රය

ශ්‍රි ලංකාවේ වාරණ ඉතිහාසය

ශ්‍රි ලංකාවේ මාධ්‍ය වාරණය සම්බන්ධ පදනම ගොඩනැඟෙන්නේ 20 වන සියවසේ බිහිවන අධිරාජ්‍යවා දී පුවත්පත් මුලික කරගෙනය 1915 දී යුධ නීතිය යටතේ අධිරාජ්‍ය විරෝධී ලිපි පළ කළා යැයි දක්වා සරසවි සඳරැස පුවත්පත තහනම් කර තිබේ සිංහල බෞද්ධයා සහ සම සමාජ පුවත්පත ද පසු වකවානුවල තහනමට ලක් විය
පුවත්පත් වාරණය මෙන්ම සිනමා හා නාට්‍ය වාරණය ද මෙරට මුල් වකවානුවෙහි සක්‍රීයව ක්‍රියාත්මක වී ඇත ඒ සඳහා නෛතික ප්‍රතිපාදන සැලසෙන්නේ වර්ෂ 1910 අංක 06 දරණ නාගරික ආඥා පනතේ 110 ජේදයේ 15 වැනි උප වගන්තිය යටතේ ය වර්ෂ 1918 දී මෙරට චිත්‍රපට නරඹා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදී මෙහි ක්‍රමවේදය ආරම්භව ඇතඑහි බලතල එවකට පැවරී තිබෙන්නේ කොළඹ නගරාධිපතිවරයාට හා පොලිස් අධිකාරිවරයාට යමේ අනුව මොවුන් දෙදෙනා යටතේ චිත්‍රපට” වේදිකා නාට්‍ය” මැජික් දර්ශන සහ කරණම් දර්ශන සියලුම ප්‍රසිද්ධ රැඟුම් පාලනය සිදුවිය 1912 අංක 07 දරණ රැඟුම් පාලන ආඥා පණත 1919 දී සංශෝධනයව ඉන් වසර 32කින් පසුව 1915 දී අංක 23 දරණ ප්‍රසිද්ධ රැඟුම් පාලන මණ්ඩල පණත සම්මත විය ඉන් අනතුරුව 1961” 1964 සහ 1969 දී සිදු කල සංශෝධන වලින් අනතුරුව 1951 දී නගරාධීපති සහ පොලිස්පතිවරයා ඉවත්කර රැඟුම් පාලන බලතල ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යවරයාට පවරා ඇත.
මෙරට තහනම් කරන ලද ප්‍රථම ආනයනික චිත්‍රපටය ලෙස 1927 ප්‍රදර්ශණය කිරීමට නියමිත වුThe light of Asia නැමැති බෞද්ධ චිත්‍රපටය පෙන්වා දිය හැකියඑවකට ව්‍යවස්ථාදායක සභාවෙහි උප සහභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතා ඇතු`ඵ සාමාජිකයින් ආණ්ඩුකාරවරයාට ගෙන ආ යෝජනාවක් මත වාරණයට ලක් විය එහි බුදුන් වහන්සේගේ චරිතය සඳහා න`ඵවෙක් යොදා ගැනීමත් යශෝදරා දේවිය හා සිදුහත් කුමරු අතර සිදුවන ප්‍රේම ජවනිකාත් නිසා බුදුදහමට අගෞරවයක් වන හේතුව මත මෙය වාරණයට ලක් විය 1960 දී ලාංකීක නිර්මාණයක් වු නලඟන” චිත්‍රපටය වාරණයට ලක් වීම මෙරට සිනමා ඉතිහාසයේ පළමු වාරණය වශයෙන් හැඳින්විය හැකිය.

වාරණයට ලක්වන දෑ

සන්දේශයන් වාරණය කිරීමේ ක්‍රමවේදය යටතේ වාරණය කිරීමට ලක්වන දෑ සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.
පොත්
චිත්‍රපට
ලේඛන
පෝස්ටර්
සඟරා
නාට්‍ය
චිත්‍ර
රුපවාහිනී විශේෂාංග
පුවත්පත්
ගීත
කටු සටහන්
ගුවන් විදුලි වැඩසටහන්
විදුලි පුවත්
තැටි
කවි
වෙබ් අඩවි
ලිපි
විද්‍යුත් ලිපි
කාටුන්

වාරණ ප්‍රභේද

වාරණයට ලක්වන මාධ්‍යයන්ට අනුකුලව වාරණය වීමෙහි ක්‍රම පවතී ඒ අනුව ලෝකය පූරා විවිධාකාරයෙන් මාධ්‍ය සන්දේශයන් කෙරෙහි ක්‍රියාත්මක වන මෙම වාරණයෙහි ප්‍රභේද 13 ක් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබේ.
  • ස්වයං වාරණය
  • මුද්‍රිත මාධ්‍ය වාරණය
  • රාජ්‍ය වාරණය
  • තැපැල් හා විදුලි සංදේශ වාරණය
  • දේශපාලන වාරණය
  • හමුදාමය වාරණය
  • රූපවාහිනි වාරණය
  • සිනමා වාරණය
  • ආගමික වාරණය
  • ගුවන්විදුලි වාරණය
  • ගීත” සංගීත වාරණය
  • වේදිකා නාට්‍ය වාරණය
  • අන්තර්ජාල වාරණය
ඉහත දක්වන ලද වාරණ ප්‍රභේදයන්හි දී මාධ්‍ය සන්දේශ වාරණය වීමෙහි ඒවාටම අනන්‍යාකාරයෙන් සිදුවනු දක්නට ලැබේ. ඒ අනුව ඒවා වෙනුවෙන් ගොඩනංවාගෙන තිබෙන නෛතිකමය රාමුවෙන් හඳුනා ගත හැකිය.
1 ආගමික වාරණ නීතී පද්ධති ^විවිධ ආගම් පැනවු වාරණ නිතී&
2 පුවත්පත් හා ලේඛන ප්‍රකාශන නීතී ලිඛිත මාධ්‍යයන් සඳහා පැනවු වාරණය ^පුවත්පත් මණ්ඩල පණත&
3 නාට්‍ය හා රැඟුම් වාරණ නිතී
4 චිත්‍රපට වාරණ නීතී ^ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩල පණත&
5 ගුවන් විදුලි හා රුපවාහිනි වාරණ නීතී
6 තැපැල් හා විදුලි දංදේශ වාරණ නීතී
7 රාජ්‍ය වාරණ නීතී මහජන ආරක්ෂක පණත
මෙහි දැක්වෙන එක් එක් මාධ්‍යයන්ට අදාළ වන නෛතිකමය රාමුවේ සිට සහ ඇතැම් අවස්ථාවල පොදුවේ බලපානු ලබන නෛතිකමය රාමුවල බලපෑම් නිසා ද මාධ්‍ය සංදේශයන් වාරණයට ලක් වේ නිදසුන් වශයෙන් චිත්‍රපටයක් යම් ආගමකට හානි කරන දෑ අන්තර්ගත වු විට එය ආගමික වාරණ නීතී පද්ධති යටතේ වාරණයට ලක් වීම පෙන්වා දිය හැකිය.

ජනමාධ්‍ය වාරණය

ජනමාධ්‍ය භෞතික හා තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර එහි දී විවිධ සංකේත ඇතුළත් නාලිකා මඟින් ixදේශයන් ග්‍රාහකයා වෙතට ඉදිරිපත් වීම සිදු වේඒ අනුව ජනමාධ්‍ය මුද්‍රිත මාධ්‍ය” ශ්‍රව්‍ය මාධ්‍ය” විද්‍යුත් මාධ්‍ය වශයෙන් ප්‍රභේද පවතීමේ එක් එක් මාධ්‍යයන් මඟින් ග්‍රාහකයා වෙතට සංදේශයන් ඉදිරිපත් කරන අතර එකී සංදේශයන් ග්‍රාහකයා වෙතට යාමට පෙර හෝ ග්‍රාහකයා වෙතට යාමෙන් පසුව හෝ ඒවා අදාළ මාධ්‍ය හා සම්බන්ධ නෛතිකමය රාමුවෙන් හෝ පොදු නෛතිකමය රාමු වලට අනුකූලව පරීක්ෂාවට ලක් කෙරේ එහි දී පොදු සමාජ යහපතට අහිතකර හෝ නුසුදුසු දෑ අන්තර්ගතව නම් එබඳු කොටස් ඉවත් කර සන්දේශය ග්‍රාහකයා වෙතට විකාශනයට අවසර ලැබෙන අතර ඇතැම් සංදේශයන් සම්පූර්ණයෙන්ම තහනමට ලක්වන අවස්ථා ද පවතී එය තීරණය වන්නේ සංදේYයෙහි අන්තර්ගත ගුණාත්මකභාවය මත හෝ ඒවා වාරණය ලක්වන බලධාරීන්ගේ ආකල්ප මතය.

මුද්‍රිත මාධ්‍ය වාරණය

ජනමාධ්‍ය වාරණය යටතේ මුද්‍රිත මාධ්‍ය වාරණයට ලක් වු අවස්ථාවන් පිළිබඳ ඉතිහාසය අධිරාජ්‍යවා දී පාලන සමය තෙක් දිවෙන බැව් පෙර දී ද සඳහන් කරන ලදීඒ අනුව 1915 දී යුද නීතීය පාදක කරගෙන අධිරාජ්‍ය විරෝධී ලිපි පළ කලා යැයි සරසවි සඳරැස පුවත්පත වාරණයට ලක් කර තිබේ එසේu සිංහල බෞද්ධයා සහ සම සමාජ පුවත්පත ද පසු වකවානුවල වාරණයට ලක් කර තිබීමෙන් තහවුරු වන සාධකය වන්නේ අධිරාජ්‍යවා දී පාලකයින් සිය පාලනයේ අධිපතිවාදය ව්‍යාප්ත කරමින් යටත් විජිතයන්ගේ නිදහස් අදහස් යටත් කිරීමට කටයුතු කර තිබෙන බැව් යඑම අවස්ථාවේ දී අධිරාජ්‍යවාදීන් වාරණය යන්න සිය යටත් විජිත පාලනයේ ස්ථිරත්වය උදෙසා පළිහක් වශයෙන් භාවිත කරගෙන තිබු බව පැහැදිලි වන්නකි
පුවත්පත් මාධ්‍යයෙහි ප්‍රවෘත්ති පළ කිරීමේ ක්‍රියාවලියේ දී නිරවද්‍ය වු ප්‍රවාත්තියක් පාඨකයා වෙතට ඉදිරිපත් කිරිම අසීරු කර්තව්‍යයක් බවට පත්වේවිශේෂයෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් වාර්තාකරණ ප්‍රවෘත්තිය පුවත්පතෙහි මුද්‍රණය වීමට නොදී ඉහළ බලධාරීන්ට අවශ්‍ය ආකාරයට ඒවා වෙනස් කිරීම නිරන්තරයෙන් සිදුවේ වාර්තාකරුවාට අවශ්‍යය දේ නිවැරදිව වාර්තාකරණයට පවතින අවකාශය අවම වේ 1971 අප්‍රේල් කැරැල්ලට සමකාලීනව ගුර්කා ගුවන් යානා ගෙන්වීම පිළිබඳ අසත්‍යතාව රජයට හෙළි කර ගත නොහැකි වුයේ යවිශේෂයෙන්ම එවැනි කටකතා රට තුළ පැතිරීමට මුල් වු ප්‍රබල හේතුවක් වුයේ රජය මඟින් ප්‍රවෘත්ති පාලනයක් ක්‍රියාත්මක කර තිබු බැවිනිඑය තනිකරම ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයා යටතේ පැවැති ක්‍රියාන්විතයක් විය.
මෙම සමයේ ලේක්හවුස්” ටයිම්ස්” දවස” වීරකේසරී පුවත්පත් රජයේ ප්‍රවෘත්ති බලධාරීන්ට සහය දැක් වුවත් කොමියුන්ස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පත අනුගමනය කරන ලද්දේ ස්වාධීන පිළිවතකි මෙකල රජයේ ප්‍රවෘත්ති බලධාරීන් විසින් වාරණයට ලක් කළ ප්‍රවෘත්ති සහ ඡායාරූප වෙනුවට වෙනත් ප්‍රවෘත්ති සහ ඡායාරූප ආදේශ කිරීමට රජයේ පුවත්පත් කටයුතු කළත් ඇත්ත පුවත්පත වාරණය කළ ප්‍රවෘත්ති ඇති ස්ථාන හිස් කර තබා පුවත්පත මුද්‍රණය කර තිබේ එබඳු අවස්ථාවලදී ගෙඩිය පිටින් බල්ලො කෑවා අපේම බල්ලෝ කෑවා වැනි වදන් භාවිතයට ප්‍රධාන කර්තෘ බීඒ සිරිවර්ධනත් උපදේශක කර්තෘ එච්වීඑස් රත්නවීරත් මුලිකත්වයෙන් සිදු විය.
පුවත්පත් මෙන්ම නවකතා” කෙටිකතා” කවි ආදි මුද්‍රිත මාධ්‍ය සංදේශයන් ද වාරණයට ලක් වු අවස්ථාවක් වශයෙන් 2000 වසරේ දී එළි දැක් වු මේරි නම් වු මරියා නැමති මංජුල වෙඩිවර්ධනගේ කෙටිකතා සංග්‍රහය පෙන්වා දිය හැකිය ඒ අනුව මොහුගේ කලා කෘතිය වෙනුවෙන් රහස් පොලිසියේ අත්ඩංගුවට පත්ව හතරවැනි තට්ටුවෙහි ප්‍රශ්න කිරීම් වලට ද ලක්වන්නට සිදු විය මෙකල ශ්‍රි ලංකා කතෝලික සභාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රන්ථය තහනම් කිරීමටත් ඊට එරෙහි විවිධ නීතීමය තීරණ ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. මේ තහනමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පොතේ කවරයේ කොන්තයක් සහිත අඩනිරුවත් කාන්තා පින්තූරයක් තිබීමයි.
1968 දී ටෙනිසන් පෙරේරා විසින් රචිත කෙටිකතා සංග්‍රහයක් වු දැති රෝදෙන් උපන් බුදුන්කෘතිය තහනමට ලක්ව ඔහුව ප්‍රශ්න කිරීම් සඳහා හතරවැනි තට්ටුවට ද රැගෙන ගොස් ඇත එය කාර්මික සමාජ විප්ලවයක් පාදක කරගත් කතාවක් වුවත් එහි යොදා ගත් නාමය නිසා බුදුන් වහන්සේට සහ ආගමට අපහාසයක් බව දක්වමින් වාරණය කර ඇත.
මෙම කෙටිකතා සංග්‍රහයේ පිටපත් සියල්ල රාජසන්තක කිරීමටත් ඉන් ලැබුණු ආදායම් සියල්ල රජයට ලබා ගැනීමටත් කටයුතු කර තිබෙනවා මේ පොතේ තහනමත් සමඟ තම වෘත්තිය සහ ලේඛණ කලා ජීවිතයට එකල ඉතා දුෂ්කර කලෙ පරිච්ජේදයකට මුහුණ දීමට සිදුවුණි යැයි ටෙනිසන් මහතා ප්‍රකාY කර තිබෙනවා.
2017දී මෙරට යාපනය රේගු දෙපාර්තමේන්තුව දෙමළ භූමිය නම් දීපච් චෙල්වන් රචනා කළ කෘතිය කතෘවරයා වෙත භාර නොදී වාරණය කර තිබිණපසුව එය භාරදීමට කටයුතු කර ඇත කලා නිර්මාණයන් සිදු කිරීමේ දී ඒවාට නිදහසේ හැසිරීමට ඉඩ ලබා දීම විය යුත්තකි නැතිනම් ඉන් මතුව සිදු කරන නිර්මාණ කාර්යයන් සඳහා අනිසි බලපෑම් කලා කෘතීන්ට වීමට ඉඩ පවතී.
මෙරට පමණක් නොව ලෝකයේ ද මුද්‍රිත මාධ්‍ය ආශ්‍රීතව සිදු වු වාරණ අවස්ථාවන් පවතී ඒ අනුව තස්ලීමා නස්රීන්ගේ ලජ්ජා” ගුස්ටාච් ෆ්ලොබේයා විසින් රචිත බොවාරි මැතිණිය” විලැඞ්මීර් නැබකෝච්ගේ ලොලීටා ” හෙන්රි මිලර්ගේ ද ට්‍රොපික් ඔෆ් කැන්සර්” සහ ට්‍රොපික් ඔෆ් කැප්රිකෝන් මෙසේ අභියෝගයට ලක් වු කෘතීන් ය. නමුත් වාරණය සම්බන්ධව fMතිහාසික ජයග්‍රහණයක් ලබමින් 1928 දී ඩීඑච් ලෝරන්ස් විසින් රචිත චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කෘතිh සුචරිතවාදීන් විසින් තහනමට ලක් කරන්නට උත්සහ කෙරුණු නමුත් ඕල්ඞ් බෙලි නඩු තීන්දුව මඟින් අදහස් ප්‍රකාශනයට මිනිසාට ඇති අයිතිය පිළිගැනීමට ලක් කරමින් වාරණයට කරන ලද උත්සහය නිෂ්ප්‍රභා කරන ලදී.

සිනමා මාධ්‍ය වාරණය

සිනමාව ආරම්භ වු තනි රීලයේ යුගයේ සිට ම සිනමා මාධ්‍ය සඳහා වාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවට සාධක හමු වේ තෝමස් අල්වා එඞ්සන්ගේThe John rice-1869 නම් රුපරාමු පෙළ මහජන ප්‍රදර්ශණය සඳහා මුදා හැරීමේ දී ගැටලු පැන නැඟිණ සිනමාව කලාවක් වශයෙන් ආරම්භක අවධියේ පටන් වාරණයට හසුව තිබෙන කලාවක් වශයෙන් හඳුනා ගත හැකිය ශ්‍රී ලංකාවෙහි චිත්‍රපට වාරණය සඳහා නෛතිකමය රාමුවක් වශයෙන් කටයුතු කරන්නේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසිනි විශේෂයෙන්ම චිත්‍රපටයක් වාරණයට ලක් වන්නේ ලිංගිකත්වය” ප්‍රචණ්ඩත්වය හෝ දේශපාලනය යන අන්තර්ගතයන් අයහපත් ආකාරයෙන් යොදා ගැනීම හේතුවෙනි.
ධර්මසේන පතිරdජගේ සිනමා නිර්මාණයක් වු සොල්දාදු උන්නැහේ” පෙර වාරණයට හසු වු බඹරු ඇවිත්චිත්‍රපටයට මෙන් නොවීම සඳහා මොහු ස්වයං වාරණයකට ලක්කර නිර්මාණය කර ඇත මෙම චිත්‍රපටය පරණ සොල්දාදුවා නම් කෙටිකතාවකින් නිර්මාණය කර ඇති අතර එහි 1953 දක්වන ලද හර්තාලය වෙනුවට දෙවන ලෝක යුද්ධය යොදාගෙන තිබිණ පතිරාජ ඒ පිළිබඳව මෙලෙස දක්වා ඇත
මෙම කෙටිකතාවේ යුද්ධ පසුබිමක් ඇත්තේම නැත එයට පසුබිම් වී තිබුණේ 1953 හර්තාලය යි එබඳු දෙයක් ගැන අපේ සිනමාවේ පසුබිම කර ගන්නට පවතින දේශපාලන වාතාවරණයේ වාරණ මණ්ඩලයෙන් ඉඩ දෙන්නේ නැත.
සුනිල් ආරියරත්නගේ සතරපෙර නිමිති චිත්‍රපටය වාරණයට ලක් වන්නේ එහි එන සුදත්ත හිමිගේ චරිතය සහ අනෝමා නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ චරිතය ප්‍රමුඛ කර ගනිමිනි මෙම දෙදෙනා අතර ඇති වන ප්‍රේම සබඳතාවක ජවනිකා වල දී අතින් අල්ලා ගැනීම සහ කතාබහ වාරණය කිරිමට බලපාන ලද අයහපත් අන්තර්ගතයන් වේ මෙමඟින් බෞද්ධ භික්ෂුව හා ගිහියන් අතර මෙම සිනමාපටය මුල් කර ගනිමින් කළකිරීමක් පිළිකුලක් ඇති වෙතැයි යන උපකල්පනය මත වාරණය ආගමික නායකයින් මුල් කර ගනිමින් සිදුවිය.
ගාමිණි ෆෝන්සේකාගේ සාගරයක් මැද චිත්‍රපටයවාරණයට ලක් වන්නේ එවකට හිටපු මුදල් ඇමති ෆිලික්ස් බණ්ඩාරනායක විසින් කොළඹ දිසා අධිකරණයේ ඉදිරිපත් කරන ලද පෙත්සමක් හේතුවෙන් මහජන ප්‍රදර්ශණය සඳහා එය බාධාවක් විය 1981 03 22 දින සරසවි පත්තරයෙහි අදහස් දැක් වු ගාමිණි ෆෝන්සේකා
බලට නොනිසි ලෙස පාවිච්චි කිරීමෙන් සමාජයත්” ජනතාවත් පෙළෙන බව මාගේ චිත්‍රපටය යටින් සිහින් නූලක් මෙන් යන තේමාවය. මෙහි එන විවිධ චරිත ක`ඵ” සුදු ලෙස හංවඩු ගැසීමට නොව ඒවා දෙස දයානුකම්පාවෙන් බැලිමට මා උත්සහ ගත්තා
ප්‍රසන්නවිතානගේ නිර්මාණය කරන ලද උසාවිය නිහඬයි වාර්තා චිත්‍රපටයට එරෙහිව ලෙනින් රත්නායක විසින් ගොනු කරන ලද අභියාචනාවකට අනුව මෙම නිර්මාණය ප්‍රදර්ශණය සඳහා අභියාචනාධිකරණය වාරණය දියත් කරන ලදී.
අශෝක හඳගමගේ අක්ෂරය චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයෙන් වැඩිහිටියන්ට පමණක් ලෙසින් වර්ග කළ ද එවකට සංස්කාතික ඇමති ලෙස කටයුතු කරන ලද සරත් අමුණුගම විසින් මෙය ප්‍රදර්ශණය තහනම් කර ඇත.
සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය වාරණයට හසු වන්නේ හමුදා නිල ඇඳුම් භාවිත කරගෙන හමුදාවට අපකීර්තියක් සිදු කිරීම හේතුවෙනි. එසේම මෙම නිර්මාණය සඳහා එල්ටීටී යෙහි ආධාර ලැබුණ බවට ද මත පවතී චිත්‍රපටයේ පිටපත් රාජසන්තක කල අතර ශිල්පීන්ව අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ද කටයුතු කර තිබුණි.
1979 දී ගිවන්ත අර්ථසාද් නිර්මාණය කර තිරගත වු දුටුගැමුණු  චිත්‍රපටය මුල්ම කාටුන් චිත්‍රපටය වශයෙන් මෙරට හඳුන්වයි නමුත් ප්‍රදර්ශණය කර ගත හැකි වන්නේ පළමු දිනයේ දී පමණකි එය හේතු නොමැතිව වාරණය කර තිබිණ ඇතැමුන් එහි සුරනිමල යෝධයා අලියෙක් කරකවා විසී කිරීමේ දර්හණයක් හේතුවෙන් පැවති ආණ්ඩුවට පහරක් වැදීම නිසා වාරණය වු බවත් ඇතැමෙක් මෙය දුටුගැමුණු චරිතය එලෙස කාටුනයකට ගැනීම අපහාසයක් නිසා වාරණය වු බවට ද මත පවතී.
ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ පුරහඳ කරුවල චිත්‍රපටයේ මළමිනියක් වෙනුවට කෙසෙල් කොට දමා මිනීපෙට්ටිය සීල් කර එවා තිබු ජවනිකාවත් නිසා හමුදාමය මෙන්ම දේශපාලනික වශයෙන් පහර වැදුණ බැවින් එය වාරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටයෙන් සිවිල් සහ දේශපාලනික පහර වැදීම් හේතු කර ගනිමින් මෙය වාරණයට ලක්වියඑමෙන්ම සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ චිත්‍රපටය 2004 සිට 2010 වසර දක්වා දීර්ඝ කාලසීමාවක් රැඟුම් පාලක මණ්ඩලය යටතේ මහජන ප්‍රදර්ශණයට අවකාශ ලබා දී නොතිබිණ මෙම වාරණය සඳහා බලපා ඇත්තේ අන්තර්ගත ලිංගික දර්ශණයන් හේතුවෙනි.

රූපවාහිනි මාධ්‍ය වාරණය

රූපවාහිනී මාධ්‍යයෙහි විකාශනය වන විවිධ වර්ගයේ වැඩසටහන් විවිධාකාර සමාජ” ආර්ථික” දේශපාලනික හේතු පදනම් කර ගනිමින් වාරණයන්ට ලක්ව ඇත.
ඒ අනුව ස්වාධීන රූපවාහිනී නාලිකාවෙහි විකාශනය වු සත්‍යාගාරය සඳහා පෙරටුගාමී පක්ෂයෙහි කුමාර ගුණරත්නම් සහභාගී වූ වැඩසටහන විකාශනය අවලංගු කර තිබීම මෙම රූපවාහිනි මාධ්‍ය වාරණය නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය එසේම එම නාලිකාවෙහිම කෝපි කඬේ ටෙලිනාට්‍යයෙහි එක් කතාංගයක් ද එලෙසින් වාරණයට ලක් වු බව වාර්තා වී ඇත බහුතරයක් රූපවාහිනි නාලිකාවල වැඩසටහන් වාරණය පසුපස ඇත්තේ දේශපාලන මැදිහත් වීමයි විශේෂයෙන්ම රජයේ මාධ්‍ය නාලිකාවන්ට එබඳු අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන අවස්ථා බහුල වීමට අවකාශය පවතී.
1990 වසරේ දී සෝමරත්න දිසානායක නිර්මාණය කරන ලද අවසඳ ටෙලිනාට්‍ය වාරණයට ලක් වන්නේ විකාශනය අතරතුර දීමයඒ සඳහා රජයේ අමාත්‍යවරයෙක් මැදිහත්ව ඇති බවට මතයක් ඇත.එම කතාවෙහි අන්තර්ගතව ඇත්තේ ධනවත් පවුලක තරුණියක් සහ සේවකයකු අතර ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව විය එහි එක් අවස්ථාවක දී එම තරුණිය තරුණයාගේ පිටෙහි දාඩිය පිස දමන ජවනිකාවක් පමණක් අන්තර්ගතව ඇති අතර එහි අසභ්‍ය යැයි ගත හැකි කිසිදු අවස්ථාවක් fkdතිබුණ බවට ප්‍රේක්ෂක මතයයිකෙසේ හෝ නාට්‍ය නැවතත් විකාශනයක් සිදු නොවීම ප්‍රේක්ෂක රසාස්වාදයට සීමා පැණවීමක් බඳු ය.
2014 වර්ෂයේ දී ස්වාධීන රූපවාහිනීයෙහි විකාශනය වු චාමර ජනරාජ් අධ්‍යක්ෂණය කළ A330 විකාශනය අතර වාරණයට ලක්විය. එයට හේතුව වන්නේ එයාර් ලංකා සමාගම විසින් ඔවුන්ගේ සේවක සේවිකා ඇඳුම් සහ ලාංඡන ටෙලිනාට්‍යයට භාවිත කරගෙන ඇති බැවින් ඒවා ඉවත් කරන ලෙසින් අධිකරණය නියෝගයක් ලබා දී ඇත ඔවුන් පවසා ඇත්තේ එම ගුවන් සේවයේ සළකුණු ඉවත් කර නැවත විකාශනය ආරම්භ කරන ලෙසිනි එහෙත් සියල්ල අවසන් කර තිබු බැවින් නිර්මාණකරුවන් නාට්‍ය විකාශනය නවතා දමා ඇත.

සමකාලීන වාරණය

අතීතයේ පටන් විවිධාකාර ප්‍රවේශයන් ඔස්සේ වාරණය මෙරට සිදු වු ආකාරය පෙර දී දැන ගන්නට ලැබිණඒ අනුව මාධ්‍ය සන්දේශයන්ගේ සමකාලීන වාරණයට ලක් වු මාධ්‍යයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කේ.කේ ශ්‍රීනාත්ගේ බුදුන්ගේ රස්තියාදුව නම් කෘතිය වාරණය පෙන්වා දිය හැකියඑහි අන්තර්ගතයෙහි එබඳු ආගමික අපහාසයක් නොවු අතර යොදාගෙන තිබු තේමාව හේතුවෙන් බුදුන් වහන්සේට අපහාසයක් වන බව බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ මතය වියමේ හේතුව මත කෘතිය වාරණයට ලක් කළත් ඒ පිළිබඳ වැඩි පාඨක ආකර්ෂණයක් ඒ වෙත ලැබිණඒ පිළිබඳ සමාජ මතවාද රැසක් ගොඩනැංවීමට මෙම වාරණය සමත් විය.
ජාතික සමගිය yd සංහිඳියා කාර්යාලය මඟින් ස්වාධීන ගුවන්විදුලි සේවයෙහි විකාශයට නියමිතව තිබු මාලක දේවප්‍රියගේ නිහොන් සැප ලැබේවා සහ තරුවන් සරණයි යන ගුවන් විදුලි නාට්‍ය දෙක මඟින් බෞද්ධ ආගමට අපහාස වන්නක් බව පවසමින් එය වාරණයට ලක් කරන ලදි. නමුත් එහි මාතෘකාවන් සඳහා එබන්දක් යොදා ගත්ත ද එහි අන්තර්ගතයේ පවතින්නේ සමකාලීන සමාජ තේමාවන් ය.
එසේම වේදිකා නාට්‍යයක් වු අසංක නානායක්කාරගේ මං කෙළින් මිනිහෙක් නාට්‍ය ප්‍රදර්ශණය සඳහා වාරනය පණවා ඇතඑමඟින් දේශපාලනමය බලපෑමක් පවතින්නේය.
එපමණක් නොව පසුගිය වකවානුවෙහි ඇති වු මුස්ලිම් සිංහල ආරවුල් පදනම් කර ගනිමින් සමාජ ජාල මාධ්‍යයන් වු ෆේස්බුක්” වයිබර්” වට්ස් ඇප්” ඊමෝ ආදිය වාරණයට ලක් කර තිබිණඑම අවස්ථාවේ දි සෙසු මාධ්‍යයන්ට සාපේක්ෂව නව මාධ්‍යයේ වාරණයේ පවතින ස්වභාවය පෙන්වා දෙමින් වෙනත් මාර්ගයන් ඔස්සේ නව මාධ්‍යයන්ට ප්‍රවේශ වීම සඳහා ජනතාව කටයුතු කර තිබිණ.
සමකාලීන වාරණයන් සඳහා බහුතරයක් ආගමික නායකයින් මුලික කර ගනිමින් සිදු කර තිබෙන බව පැහැදිලි වන කරුණකි.

වාරණයේ බලපෑම

ක්‍රෑෂ් සහ ද හිස්ටරි ඔෆ් වයලන්ස් සිනමාපට නිර්මාණය කළ ඬේවිඞ් ක්‍රොකන්බර්ග් පෙන්වා දෙන ලද්දේ වාරණය බලධාරීන් හා මානසික රෝගීන් යන දෙගොල්ලන්ම පෙළෙන්නේ යථාර්ථය” මායාව සමඟ පටලවා ගැනීමේ අසනීපෙන් යැයි දක්වා ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වශයෙන් භාවිත කර ගන්නා මාධ්‍ය මත වාරණය ක්‍රියාත්මක වීම හිංසාවක් පමණක් නොව ප්‍රජාතන්ත්‍ර විරෝධී” කලා විරෝධී” මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රීයාවක් බවට පත් වේ.

වාරණයේ බලපෑම සෘජුවම නිර්මාණකරුවන් වෙත එල්ල වන බැවින් වෙනස් වු නැවුම් වු නිර්මාණයට කලාකරුවන් පැකිලීමට හේතුවක් වශයෙන් ද වාරණය පෙන්වා දිය හැකියවිශේෂයෙන්ම නිර්මාණකරුවන් විසින් ම ස්වයං වාරණය යොදා ගැනීම නිදසුන් වශයෙන් දැක්විය හැකියඇතැම් අනිසි වාරණයන් නිසා නිර්මාණකරුවන් නිර්මාණ කාර්යන්ගෙන් ඉවත් වන අතරම ඇතැම් විට වාරණ ස්වභාවය පුද්ගල ඝාතනයක් වුවහොත් නිදහස් සිතුවිලි මෙන්ම නිදහස් ජිවිතයන් ද බිල්ලට නතු විය හැකිය.

වාරණය හේතුවෙන් ඇතැම් ගුණාත්මක නිර්මාණයන් පොදු ජනතාවට රසවිදීමට ඇති අවකාශය සීමා කිරීම සිදු නොවිය යුත්තකිවාරණය ක්‍රියාත්මක වන ස්වභාවයන් අධිපතිවාදී ලක්ෂණ සහිත වුවකිමාධ්‍ය නිදහස කප්පාදු කිරීම අරභයා වාරණය තෝතැන්නක් කරගෙන ඇත.

මෙහි බලපෑම පොදුවේ කලාකරුවන්ටත් මාධ්‍යවේදීන්ටත් සේම මහජනතාවටත් අත්විඳීමට සිදුව ඇති බව පැහැදිලිය.

සමාලෝචනය

වාරණය හෙවත් මාධ්‍ය සන්දේශයන්ගේ දෝෂ පරීක්ෂාව සමාජයෙහි නිරන්තරයෙන් දක්නට ලැබෙන සිදු වීමකිකාලයෙන් කාලයට මාධ්‍යයන් වාරණ ස්වරූපයන් විවිධාකාර වේඒ අනුව මෙහි දී විවිධ අවස්ථාවන් හි දී සංදේශයන් වාරණයට ලක් වු ආකාරය නිදසුන් සහිතව අවබෝධ කරගත හැකි විය.
සමාජ” දේශපාලනික සහ ආගමික මෙන්ම ඇතැම් පෞද්ගලික කාරණා හේතුවෙන් ද වාරණයන් ක්‍රියාත්මක වීම සිදු වන ආකාරය පැහැදිලි වේමෙම නිබන්ධනයේ දී සඳහන් කරන ලද කරුණු අනුව වාරණය ග්‍රීක යුගය දක්වාම ව්‍යාප්තිය සිදු වුවකිඑක් එක් යුගයන් හි දී වාරණ ස්වරූපයන් මත ඒවාට මුහුණ දෙන ලද කලාකරුවන් ඒ වෙනුවෙන් පෙනී සිටි ආකාරය වාරණ ඉතිහාසය පිළිබඳ අවධානයේ දී තහවුරු වන්නා වු කරුණකිලෝකයේ මෙන්ම මෙරට වාරණ ඉතිහාසයත් එකී කාලවකවානු වල දී වාරණය ක්‍රියාත්මක කර ඇති ආකාරය අවබෝධ කර ගත හැකි වියඑමෙන්ම වාරණයට ලක්වන සංදේශයන් මොනවා ද යන්නත් වාරණ ප්‍රභේදයන් ද වටහා ගැනීමට මෙමඟින් හැකි විය.
වාරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙරට සහ ලෝකයේ ජනමාධ්‍යයන් වාරණයට ලක් වු විවිධ අවස්ථාවන්ඒවාට බලපාන ලද හේතුකාරනාවන් මෙන්ම වාරණය බලපාන්නේ කෙසේ ද යන්නත් පිළිබඳ අවබෝධයක් මෙයින් අත්කර ගැනීමට හැකියාව ලැබිණ.
මෙys අධ්‍යයනය කරන ලද තොරතුරු මත වාරණය යන්න අධිපතිවාදී ස්වරූපයෙන් වර්තමානයේ දී ක්‍රියාත්මක වන අකාරයක් දක්නට ලැබේවිශේෂයෙන්ම බලධාරීන් සිය අරමුණු සාධනය කර ගැනිම උදෙසා වාරණයේ උච්චතම අවස්ථාව වශයෙන් ඝාතනය කිරීමේ ක්‍රියාමාර්ගයට ද ප්‍රවේශ ඇති බවට ලංකාවෙහි වාරණ ස්වරූපයෙන් තහවුරු වේවාරණය ආරම්භයේ දී මාධ්‍ය සන්දේශයන්ගේ දෝෂ පිරික්සා බලා පොදු යහපතට හානිකර වු අන්තර්ගතයන් ඉවත් කිරීම අරමුණු කර ගත්ත ද බලය” නිලය හේතු කර ගනිමින් වර්තමානයෙහි වාරණය පොදු අයහපත උදෙසා කටයුතු කරන බවක් දක්නට ලැබේ.

මාධ්‍ය වාරණය යන්න පළිහක් නොකරගනිමින් විධිමත් නෛතිකමය රාමුවක් තුළ සිදු වන්නේ නම් සමාජය වඩාත් යහපත් මාධ්‍ය සන්නිවේදනයක් උදෙසා හේතුකාරක විය හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

අත්තනායක” බන්දුල. ජනසන්නිවේදන අත්පොතමිනුවන්ගොඩ” 1992.
කරුණාරත්න” ධනංජයඅදහස් වාරණය” කලාව සහ භාවිතය ගැන යළි විමසා බැලීමක් ” www.jdslanka.org .
ජගත්චන්ද්‍ර” නිහාල්අප්‍රේල් කැරැල්ල මැද බල්ලන්ට ගිය ප්‍රවෘත්ති වාරණය”www.lankadeepa.lk.
නිමලචන්ද්‍ර” චතුරිකා.ප්‍රකාශන නිදහස සහ චිත්‍රපට අධ්‍යක්ෂක ජෆාර් පනාහි” නිදහස් මාධ්‍ය” ^සංස් & ආරියරත්න ඇතුගල. බොරැල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව” 2013.
පැස්කුවල්” මංගලනව මාධ්‍ය වාරණය කළ හැකි ද ” නිදහස් මාධ්‍ය” ^සංස්& ආරියරත්න ඇතුගලබොරැල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව” 2013.
ප්‍රියදර්ශනී” සමන්තිකාසිනමාව හා වාරණය 1980 දශකයට විශේෂිතව” නිදහස් මාධ්‍ය” ^සංස්ආරියරත්න ඇතුගලබොරැල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව” 2013.
රාජපක්ෂ” දයා ශ්‍රී නරේන්ද්‍රමාධ්‍ය වාරණ පුරාණය” www.divaina.com.
රූපසිංහ” විජයානන්දමාධ්‍ය නිදහස සහ වාරණයදේශනය” කැලණිය විශ්වවිද්‍යාලය” 2019 පෙබරවාරි 17.
https://drive.google.com/open?id=1AzCPfTprcwdfbYyEIRP74nv1X_a8p0So

 ගොඩ දෙනෙක් ඉල්ලුවා වාරණය ගැන.comment එකක් දාලා යන්න මතක ඇතුව. google account එකකින් log වී නොමැතිනම් comment as: anonymous තෝරා ඔබේ අදහස ලියන්න.


August 11, 2019

A/L Model Papers 2019


Drama and Theatre

https://drive.google.com/file/d/1mhE_3hLghJi5FphFE5C9XueV0xSSTRlO/view?usp=sharing

Oriental Music

 Western Music

Sinhala

https://drive.google.com/open?id=1XczNeP-q7W72Ou_ZEbRFJPglzasDjDsk

Geography

https://drive.google.com/open?id=13Djn6Bsbm-MBedswl4MP2s5bAmYj5vcZ

Political Science

https://drive.google.com/open?id=1YeL6n6faW-2AvFSST-WZAwz2X7-CoRtj

 Political Science II 

https://drive.google.com/open?id=1GaswN8s3Gr5hBNWVvgQw6BTbSZHzuZ8X

History

https://drive.google.com/open?id=1J1NFwmOUlwPZLf72yciojdiEwQ78-7Oa

Buddhist Civilization

https://drive.google.com/open?id=1GGzL0rj3Pr5Ktj7sAv06mE38MWjjYwqn

General English

https://drive.google.com/open?id=1bowzJQ3QqLoVdbQjfi7gQnyJrfwotMkA

 Art

https://drive.google.com/open?id=1ZvNlKupHerezKP8gABI_li4K5yXhUYET

Dancing

https://drive.google.com/open?id=1cz6W-6p2_GQoklemKeuoE77iUNg1YOpY

General Knowledge (Answer)

https://drive.google.com/open?id=1gNvEfSrKWX1_FzW_ASVySmPiAb3saPld

General Knowledge

https://drive.google.com/open?id=1dYuuMZGw7WT7l5FuEcs8biuKZBtQ-jHF